දේශීය

සමෘද්ධි වැඩපිළිවළ යළි සමාලෝචනය කෙරේ

සමෘද්ධි වැඩපිළිවළ යළි සමාලෝචනය කිරීම එළඹෙන 01 වැනි දා ආරම්භ කිරිමට නියමිත වේ.

සමෘද්ධි සහනාධාරය ලබන ඇතැම් පවුල් එම ප්‍රතිලාභය ලැබීමට සුදුසකම් නොලබන බවට ලැබි ඇති පැමිණිලි පිළිබඳ සොයා බැලීමට මෙම සමාලොචනය සිදු කරන බව සමෘද්ධි, ගෘහආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව සමෘද්ධි සහනාධාරය නොලබන නමුත් ඒ සඳහා සුදුසකම් ලබන නව ප්‍රතිලාභීන්ට එම ප්‍රතිලාභය ලබා දීමට පියවර ගැනීමට කටයුතු කරන බවත්  මේ වනවිට සමෘද්ධි ප්‍රතිලාභය අපේක්ෂා කරමින් පවුල් ලක්ෂ 5ක පමණක් පොරොත්තු ලේඛනයේ රැඳී සිටින බවත් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

කෙසේවෙතත් මේ වනවිට පවුල් ලක්ෂ 18 ක පුද්ගලයින් ලක්ෂ 75ක් පමණ සමෘද්ධි ප්‍රතිලාභය ලබන බව ද නීල් බණ්ඩාර හපුහින්න මහතා පැවසුවේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?