කුරුළු උණ මනුෂ්‍යයින්ට සම්ප්‍රේෂණය වීමේ පළමු සිදුවීම රුසියාවෙන්
කුකුළන්ගෙන් මිනිසුන්ට බෝවන නව කුරුළු උණ වෛරසයක් පළමුවරට රුසියාවෙන් හමු වී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ H5N8 නමැති එම වෛරසය රුසියාවේ කුකුළු ගොවිපලක සේවකයින් 7 දෙනෙකුට අසාදනය වී ඇති බවයි.
ඒ පිළිබඳව රුසියාව විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයට දැනුම්දීමක් ද සිදුකර තිබේ.
එම කුරුළු උණ වෛරසය මීට පෙර රුසියාව, යුරෝපය, චීනය මැද පෙරදිග ඇතුළු රටවල කුකුළන්ගෙන් වාර්තා වුව ද එය මිනිසුන්ට සම්ප්‍රේෂණය වීමක් සිදු නොවූ අතර පළමුවරට මෙසේ එම වෛරසය මිනිසුන්ට ආසාදනය වී ඇති බව රුසියානු සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
වෛරසය ආසාදනය වූ පුද්ගයින් 7දෙනා මේ වන විට සුවය ලබමින් සිටින අතර වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා විධිමත් පියවර ගෙන ඇති බව රුසියාව පවසයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
