කුවේට් රාජ්‍යයට ඇතුළු වීමට තිබු තහනම තවදුරටත් දීර්ඝ කෙරේ
කුවේට් රාජ්‍ය වෙත එරට පුරවැසියන් හැර වෙනත් පුද්ගලයින්ට ඇතුළු වීම සඳහා පනවා තිබූ තහනම තවදුරටත් දීර්ඝ කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ කොවිඩ් වසංගත ව්‍යාප්තිය සැළකිල්ලට ගනිමින් එම පියවර ගෙන ඇති බවයි.
ඒ අනුව කුවෙට් ජාතිකයින් නොවන පුද්ගලයින්ට එරටට ඇතුළු වීම තවදුරටත් තහනම් වේ.
කෙසේවෙතත් කුවේට් ජාතිකයින්ට රට තුළට ඇතුළු වීමට අවසර ලබා දී තිබුණ ද ඔවුන් නිරෝධායනට ලක්විය යුතු බව එරට බලධාරීන් පවසයි.
කුවෙට් රාජ්‍යයෙන් මේ වන විට හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 183,322 ක් වන අතර මරණ 1,039 ක් සිදුව තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
