දේශීය

කේරළ ගංජා සහ වියළි කහ තොගයක් සමඟ සැකකරුවන් 03 දෙනෙකු අත්අඩංගුවට

මන්නාරම කාර්සල් සහ තාවුල්පාඩු වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශයේ නාවික හමුදාව සිදු කළ සෝදිසි මෙහෙයුමකින් කේරළ ගංජා සහ වියළි කහ තොගයක් සොයාගෙන තිබේ.

වියළි කහ කිලෝ 400කට වැඩි ප්‍රමාණයක් නීති විරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සහ කර ඇති අතර ඊට අදාළව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

කේරල ගංජා කිලෝ 02කට වැඩි ප්‍රමාණයක් සමඟ ද සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සැක සහිත යාත්‍රාවක් පරීක්ෂා කිරීමේ දී එම යාත්‍රාවේ මලු 12ක අසුරා තිබිය දී කහ තොගය සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පේසාලේ සහ මන්නාරම ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

ඔවුන් නිරෝධායන ක්‍රියාවලිය සඳහා සිලාවතුර මහජන සෞඛ්‍ය පරීක්ෂණ වෙත භාරදී ඇති බවයි නාවික හමුදාව වැඩි දුරටත් සඳහන් කළේ.

කේරළ ගංජා වැඩිදුර විමර්ශන සඳහා මන්නාරම පොලීසියට භාරදී ඇති අතර වියලි කහ තොගය යාපනය රේගු කාර්යාලයට භාරදී තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?