දේශීය

නිරෝධායන නීති කඩ කළ තවත් පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට

ගතවූ පැය 24ක කාලය තුළ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඔවුන් සියළුදෙනා සමාජ දුරස්ථභාවය පවත්වාගෙන නොයාම සහ මුහුණු ආවරණ පැළඳ නොසිටීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බවයි.

ඒ අනුව පසුගිය ඔක්තොම්බර් මස 30 වනදා සිට මේ දක්වා නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 3,202 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඉදිරියටත් දිවයින පුරා එම මෙහෙයුම් අඛණ්ඩව සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?