දේශීය

පැලවත්තේදී හෑෂ් ඔයිල් බෝතල් 6 ක් අත්අඩංගුවට

තලංගම පැලවත්ත ප්‍රදේශයේදී ගංජා ද්‍රාවණයක් ලෙස සකස් කර තිබූ බෝතල් 6 ක් සොයා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

සොයා ගත් බෝතල් 6 හි වටිනාකම රුපියල් මිලියන දෙකයි දශම පහක් පමණ වන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ ය.

එමෙන්ම මෙහි ග්‍රෑම් 609 ක ප්‍රමාණයක් ගංජා ද්‍රාවණයක් ලෙස සකසා තිබේ.

හෑෂ් ඔයිල් යන නාමයෙන් මෙම බෝතල් විකුණන බවට ද තොරතුරු වාර්තා වී ඇති බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

මේ අතර හෙරොයින්, ගංජා, හෂීස් වැනි මත්ද්‍රව්‍යවලට අමතරව අයිස් වැනි කෘතීම ද්‍රව්‍ය ද සමාජයේ පවතින බවත් ඒ පිළිබඳව නිවැරදි තොරතුරු ලබා දෙන්නැයි ද නියෝජ්‍ය පොලිස්පතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී .

ඒ අනුව 119 , 118 හා 1997 යන දුරකතන අංකවල‌ට මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ලබා දිය හැකි බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩි දුරටත් සඳහන් කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?