දේශීය

2020 සා.පෙළ සිසුන්ට විශේෂ පහසුකමක් – විභාග දෙපාර්තමේන්තුව

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අයැදුම්කරුවන් වෙනුවෙන් මෙවර විශේෂ පහසුකමක් සලසා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව විභාග ප්‍රවේශ පත්‍රයේ පවතින අඩුපාඩු https://www.doenets.lk/ වෙබ් අඩවියට පිවිස සංශෝධනය කර ගැනීමේ අවස්ථාව සලසා දී ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේ.

පාසල් අයැදුම්කරුවන් විදුහල්පතිතුමා මගින් ද පෞද්ගලික අයැදුම්කරුවන් තමන් විසින්ම ද සතියක් තුළදී එම සංශෝධනය සිදු කළ යුතුව ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩි දුරටත් සඳහන් කළේ ය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?