දේශීය

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා හෙට දිවයිනට

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා හෙට (23) දිවයිනට පැමිණීමට නියමිතවේ.

මෙම සංචාරයේදී පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා මෙරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

වෙළෙඳ සහ ආයෝජන, සෞඛ්‍ය, අධ්‍යාපන, කෘෂිකාර්මික, විද්‍යා, තාක්ෂණ, ආරක්ෂාව, සංචාරක ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා මෙහිදී  සාකච්ඡා කිරීමට අපෙක්ෂාවෙන් සිටීන බව වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *