වේගපන්දු යවන ලහිරු කුමාරට කොවිඩ් – කොදෙව් සංචාරයට නම් කළ ක්‍රිකට් සංචිතයේ වෙනසක්
කොදෙව් සංචාරය සඳහා යාමට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට සිදු කරණ ලද PCR පරීක්ෂණයේදී වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාරට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කර ඇත.
අනෙකුත් ක්‍රීඩකයින්ගේ PCR පරීක්ෂණ අද (22) රාත්‍රියේදී ලැබීමට නියමිතව ඇති බව ද දන්වා ඇත.
මේ හේතුවෙන් කොදෙව් සංචාරය සඳහා එක් වන ශ්‍රී ලංකා සංචිතයේ වෙනසක් සිදු කිරීමට කටයුතු කෙරෙමින් පවතින බව වාර්තා වේ.
ලහිරු කුමාර වෙනුවට විශ්ව ප්‍රනාන්දු හෝ සුරංග ලක්මාල් සංචිතයට එක් වනු ඇතැයි ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරයි.
කෙසේවෙතත් කොදෙව් සංචාරය සදහා වන ශ්‍රී ලංකා නව ක්‍රිකට් සංචිතය මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැත.
ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (23) කොදෙව් සංචාරය සඳහා මෙරටින් පිටත්ව යාමට නියමිතවේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
