ක්‍රීඩා

දසුන් ශානකට කොදෙව් දූපත් කරා යෑමට නොහැකි වෙයි

ශ්‍රී ලංකා 20යි 20 ක්‍රිකට් නායක දසුන් ශානකට කොදෙව් සංචාරය සඳහා පිටත්ව යෑමට නොහැකි වී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඔහුගේ ගුවන්ගමන් බලපත්‍රය අස්ථානගතවීමෙන් ඔහුට බටහිර ඉන්දීය කොදෙව් දූපත් කරා යෑමට නොහැකි වූ බවයි.

ඒ අනුව අදාළ ගැටලුව නිරාකරණය කර ගැනීමෙන් අනතුරුව දසුන් ශානක කොදෙව් සංචාරය සඳහා පිටත්වයෑමට නියමිත බව ක්‍රිකට් ආයතනය පවසයි.

බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (22) රාත්‍රීයේ දිවයිනෙන් පිටත්විය.

දෙරට අතර 20යි 20 තරග 03 ක්, එක්දින තරග 03ක් සහ ටෙස්ට් තරග 02 ක් ක්‍රීඩා කිරීමට නියමිතය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *