ගංගාරාම විහාරස්ථානයේ 43 වන නවම් මහා පෙරහැර වීථි සංචාරය කෙරේ
හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 43 වැනි නවම් මහා පෙරහැර ඉතා අලංකාරවත් ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) රාත්‍රියේ වීථි සංචාරය කර තිබේ.
සධාතුක කරඬුව හස්ති රාජයා මත තැන්පත් කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදුකරනු ලැබීය.
උඩරට, පහතරට, සබරගමු නර්ථනාංග රැසකින් මෙන්ම අලි ඇතුන්ගේ ද සහභාගීත්වය මෙවරත් නවම් මහා පෙරහැර අලංකාරවත් කර තිබුණි.
පූජ්‍ය ගලබොඩ ඤාණිස්සර හිමියන්ගේ අනුශාසනා පරිදි ගංගාරාම විහාරවාසී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන්ගේ අධික්ෂණය යටතේ පෙරහැර සංවිධානය කර තිබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
රට පුරා පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙවර පෙරහැර සංවිධානය කර තිබුණි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
