දේශීය

දිවයින පුරා සිදුකළ මෙහෙයුමකදී සැකකරුවන් 3,871 ක් අත්අඩංගුවට

දිවයින පුරා සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකකරුවන් 3,871 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ පොලිස්පතිවරයාගේ නියෝග පරිදි පසුගිය 25 වනදා පස්වරු 06.00 සිට රාත්‍රි 10.00 දක්වා කාලය තුළ එම මෙහෙයුම ක්‍රියාත්මක වූ බවයි.

එහිදී වරෙන්තුකරුවන් 1,430 දෙනෙකු, විවිධ අපරාධ සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවන් 562 දෙනෙකු, මත්ද්‍රව්‍ය සහ මත්පැන් ජාවාරම් සම්බන්ධයෙන් සැකකරුවන් 1,108 දෙනෙකු, ගිනිඅවි සමග සැකකරුවන් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මීට අමතරව එම මෙහෙයුමේදී බීමත්ව රිය ධාවනය සම්බන්ධයෙන් නඩු 607 ක්, රියදුරු බලපත්‍ර නොමැතිව රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් නඩු 146 ක්  සහ තවත් රථ වාහන වැරදි සම්බන්ධයෙන් නඩු 6,173 ක් පැවැරීමට කටයුතු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩි දුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *