දේශීය

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය හෙට

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය හෙට (01) ආරම්භ වීමට නියමිතව ඇත.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 622,352 දෙදෙනෙකු පෙනීසිටින බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.

කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය කල්දමන ලදි.

නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ හෙට දිනයේ සිට සාමාන්‍ය විභාගය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවත් විභාගය පැවැත්වෙන සියලු විභාග මධ්‍යස්ථාන විෂබීජහරණය කරමින් සෞඛ්‍ය ආරක්ෂිත තත්ත්වයට පත්කර ඇති බවත් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සා.පෙළ විභාගයේ රාජකාරී කටයුතු සිදු කරන ගුරුවරුන්ට කොවිඩ් එන්නත ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබුන ද රජය විසින් එයට යහපත් ප්‍රතිචාර නොදැක්වීම ගැටලු සහගත බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කර තිබුණි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?