විදෙස්ගතව සිටි තවත් 686 දෙනෙකු දිවයිනට
අද (01) උදෑසන 08.30 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ ගුවන් යානා 27 ක් මෙහෙයුම් කටයුතු සිදුකර තිබේ.
මෙහිදී ගුවන් මගීන් 1,736 දෙනෙකුට ගුවන් පහසුකම් සලසා දීමට පියවර ගෙන ඇති බවයි එහි කාර්යභාර නිලධාරීවරයා සඳහන් කළේ.
ගත වූ පැය 24 තුළ ගුවන් යානා 11කින් මගීන් 686 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.
ඒ අනුව සෞදි අරාබියේ සිට 105 දෙනෙකු, දෝහා සිට 70 දෙනෙකු සහ සිංගප්පූරුවේ සිට 89 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව කාර්යභාර නිලධාරීවරයා සඳහන් කළේය.
එලෙස දිවයිනට පැමිණි පිරිස් නිරෝධායන ක්‍රියාවලිය සඳහා යුද හමුදාව මඟින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.
මේ අතර එම කාලය තුළ ගුවන් යානා 16කින් මගීන් 1,050 දෙනෙකු විදෙස් රටවල් බලා පිටව ගොස් ඇති බව ගුවන් තොටුපොළ කාර්යභාර නිලධාරීවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
