දේශීය

වේල්ල වීදියේදී ගමන් බෑගයක දමා තිබූ කාන්තා මළ සිරුර හඳුනා ගනී

කොළඹ වේල්ල වීදියේදී ගමන් බෑගයක දමා තිබූ හිස සුන් මළ සිරුර කුරුවිට තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අවිවාහක කාන්තාවකගේ බවට හඳුනා ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ ඝාතනයට සැකපිට බුත්තල පොලීසියට අනියුක්තව සේවය කළ බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචි උප පොලිස් පරීක්ෂකවරෙකු සොයා විමර්ශන ආරම්භ කර ඇති බවයි.

අදාළ සැකකරු හංවැල්ල පිටකොටුව බස් රථයකින් අදාළ මළ සිරුර රැගත් ගමන්බෑගය රැගෙන  පැමිණ එය වේල්ල වීදියේ දමා පළා යන අයුරු සී.සී.ටී.වී දර්ශනවල සටහන්ව තිබිණ.

පෙබරවාරී 28 රාත්‍රීයේ අදාළ පොලිස් නිලධාරියා සහ  කාන්තාව හංවැල්ල බස් නැවතුම්පොළ ආසන්නයේ පිහිටි ලැගුම්හලකට පැමිණ ඇති අතර පසුව මාර්තු 01 දහවල් 11.00 ට පමණ අදාළ පිරිමි පුද්ගලයා පමණක් ගමන් බෑගය ද අතැතිව ලැගුම්හලෙන් පිටතට පැමිණ ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

හංවැල්ලෙන් ගමන් බෑගයක් ද සමග කොළඹ බලා ධාවනය වූ  බස් රථයට ගොඩවන සැකකරු ගමන් බෑගය ද සමග කොළඹට පැමිණ  තිබිණ.

දැනට ලැබී ඇති සාක්ෂි අනුව එම සිරුර තෙප්පනාව ප්‍රදේශයේ පදිංචිව සිටි අදාළ කාන්තාවගේ බවට හඳුනා ගෙන ඇතත් මළ සිරුරේ හිස කොටස අතුරුදන්ව ඇති බැවින් තහවුරු කර ගැනීම සඳහා DNA පරීක්ෂණයක් සිදු කිරිමට නියමිත ය.

අනියම් සබඳතාවක් මෙම ඝාතනයට මුල් වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකකාශවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?