කොස්ගස් හංදිය ප්‍රදේශයේදී බස් රථයක් දුම්රියක ගැටෙයි
කළුතර උතුර කොස්ගස් හංදිය ප්‍රදේශයේදී අද (04) උදෑසන බස් රථයක් දුම්රියක ගැටී අනතුරක් සිදුව තිබේ.
පෞද්ගලික රෝහලක සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලයක් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් එලෙස අනතුරට ලක්ව ඇත.
සංචාරක හෝටලයක රැඳීසිටින විදෙස් සංචාරකයින් පිරිසකගේ PCR පරීක්ෂණ සිදුකිරීම සඳහා යමින් සිටියදී බස් රථය අනතුරට ලක්ව තිබේ.
කොස්ගස් හංදිය ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගය හරහා අදාළ බස් රථය හැරවීමට යෑමේදී අනතුර සිදුව ඇති අතර බස් රථය ගැටී තිබුණේ කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක ය.
අනතුරින් බස් රථයේ රියදුරු තුවාල ලබා නාගොඩ මහ රෝහලට ඇතුළත් කෙරුණි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
