දේශීය

හිටපු අමාත්‍ය චම්පිකට අධිචෝදනා භාර දෙයි

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව අද (04) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා කියවා භාරදී ඇත.

ඒ අපරික්ෂාකාරී ලෙස රිය පදවා  අනතුරක් සිදුකිරීම සහ  අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඇතුළු චෝදනා එල්ල වීම හේතුවෙන්.

කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් වලල්ලේ මහතා ඉදිරියේ නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේ එම අධිචෝදනා කියවා භාරදුන් බව අප වාර්තාවේ.

එහිදී නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධිචෝදනා පත්‍රය විත්තිකාර චම්පික රණවක මහතාට විවෘත අධිකරණයේ දී කියවා දී ඇත.

එළඹෙන අප්‍රේල් 27 වන දා මෙම මූලික විරෝධතාව පිළිබඳව විමසීම සිදු කරන බවයි විනිසුරුවරයා නියෝග කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *