දේශීය

කොළඹ නගරයේ ඔක්සිජන් ප්‍රතිශතය පහළට

කොළඹ ජනගහනයට අනුපාතිකව කොළඹ නගරයේ වායුගෝලයේ ඔක්සිජන් ප්‍රතිශතය ක්‍රම ක්‍රමයෙන් පහළ යමින් පවතින බව විද්‍යාත්මක සමීක්ෂණ මගින් තහවුරු වී ඇති බව පරිසර අමාත්‍යාංශය දන්වා තිබේ.

පරිසර අමාත්‍යාංශය හා කොළඹ මහනගර සභාව එක්ව කොළඹ නගරයේ වායු දූෂණය වැළැක්වීම සඳහා ඒකාබද්ධ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති අතර එහිදී දිනපතා කොළඹ නගරයේ ඔක්සිජන් ප්‍රතිශතය පරීක්ෂා කිරීමට සැලසුම්කර තිබේ.

පරිසර අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති අතර එම සාකච්ඡාව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා, කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය ඇතුළු  නිලධාරින්ගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබුණී.

පරිසර අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙම සාකච්ඡාවේදී කොළඹ නගර සභා බල ප්‍රදේශය තුළ පරිසර සංරක්ෂණය සඳහා අවශ්‍ය විශේෂඥ හා තාක්ෂණික සහාය ලබාදෙන ලෙස නාගරාධිපතිනි රෝසි සේනානනායක මහත්මිය විසින් ඉල්ලීමක් කළ බවයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?