බණ්ඩාරවෙල, හල්පෙ ප්‍රදේශයේදී බස් රථයක් පෙරළී 12 කට තුවාල
අද (06) පෙරවරු 9.00ට පමණ බණ්ඩාරවෙල, හල්පෙ ප්‍රදේශයේ දී බස් රථයක් පෙරළී ගොස් තිබේ.
එම අනතුරින් පුද්ගලයින් 12 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර ඔවුන්ව ප්‍රතිකාර කිරීම සඳහා දෙමෝදර රෝහල සහ බදුල්ල මහ රෝහල වෙත ඇතුළත් කර ඇත.
බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන වෙල් යායකට පෙරළීයෑමෙන් අනතුර සිදුව ඇති බව
මේ පිළිබඳ පොලීසිය ප්‍රකාශ කළේ බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමි සිටි පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන වෙල් යායකට පෙරළීයෑමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් ඇල්ල පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
