විදේශීය

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉරාකයේ සංචාරයක

අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉරාකයේ සංචාරය කිරීමට තීරණයක් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරාකයේ සංචාරය කරන පළමු පාප්වරයා ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වශයෙන් වාර්තා ගත වන බව ද සඳහන් කර තිබේ.

කොවිඩ් වසංගතය ඇරඹීමෙන් පසුව උන්වහන්සේගේ පළමු ජාත්‍යන්තර සංචාරය නිරත වන අවස්ථාව මෙය වේ.

මෙම සංචාරය අතරතුර දී පාප් වහන්සේගේ ආරක්ෂාව සඳහා ඉරාකයේ ආරක්ෂක භටයින් 10,000 ක් පමණ කැඳවා ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *