ක්‍රීඩා

දෙවන T20 තරගයේ ජය ශ්‍රී ලංකාවට 1-1ක් ලෙස කණ්ඩායම් දෙක සම තත්වයේ

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර අද (06) පැවැති දෙවන විස්සයි 20 තරගයේ ජය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදුන් අතර එහිදී නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 160 ක් රැස් කරන ලදි.

එහිදී සුපිරි පිති හරඹයක නිරත වූ ධනුෂ්ක ගුණතිලක ලකුණු 56ක් ද නවක ක්‍රීඩක පැතුම් නිස්සංක ලකුණු 37ක් රැස් කිරීමට සමත්විය.

ලකුණු 161 බළක්කයක් සමග පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් ක්‍රීඩකයන්ට පන්දුවාර 18යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී ගොස් ලකුණු 117ක් පමණක් ලබා ගැනීමට හැකි විය.

එහිදී වනිදු හසරංග සිය පන්දුවාර 04 තුළ ලකුණු 17ක් ලබා දෙමින් කොදෙව් කඩුලු 03 ක් ද අකිල ධනංජය ලකුණු 13ක් ලබාදී එක් කඩුල්ලක් ද ලක්ෂාන් සඳකැන් පන්දුවාර ලකුණු 10කට කඩුලු 03ක් දවා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයේ ජයග්‍රහනය වෙත රැගෙන යන ලදි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 43කින් එම තරගය ජයග්‍රහණය කළේය.

වනිදු හසරංග තරගයේ වීරයා විය.

මේ වන විට තරඟාවලිය 1-1ක් ලෙස සම තත්වයේ කණ්ඩායම් දෙක පසුවේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?