ක්‍රීඩා

T20 තරගාවලියේ ජය කොදෙව්වන්ට

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන T20 තරගාවලියේ ජය තමන් සතු කර ගැනීමට කොදෙව් කණ්ඩායම සමත් විය.

ඒ අද (08) පැවති  අවසන් තරඟය ජයගැනීමත් සමගින්.

ඇන්ටිගුවාහි කූලිප්  ක්‍රීඩංගණයේදී කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කරන ලදි.

නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4 ක් දැවී ලකුණු 131ක් රැස් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

එහිදී දිනේෂ් චන්දිමාල් ලකුණු 54ක් හා නවක ක්‍රීඩක අශේන් බණ්ඩාර ලකුණු 44ක් රැස් කරන ලදි.

ලකුණු 132 ක ජයග්‍රාහී ඉලක්කයක් සමග පිළිතුරු ඉනිම ක්‍රීඩා කල කොදෙව් පිල පන්දුවාර 19 ක් අවසානයේ නියමිත ඉලක්කය සපුරා ගත්තේ කඩුලු 7 ක් දැවී ලකුණු 134 ක් ලෙසය.

පන්දු යැවීමේදී ලන්ක්ශාන් සඳකැන් කඩුළු 3ක් ලබා ගත්තේය.

ඒ අනුව 3-2 ලෙස කොදෙව් කණ්ඩායම තරගාවලියේ ජය තමන් සතු කරගන්නා ලදි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?