ක්‍රීඩා

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට තවත් විශිෂ්ට ජයක්

දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට එරෙහි තරගයෙන් කඩුලු 9ක විශිෂ්ට ජයක් තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් විය.

රෝඩ් සේෆ්ටි ලෝක ශූරතා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ලැබූ තුන්වැනි ජයග්‍රහණය මෙය වේ.

ඉන්දියාවේ රායිපූර්හිදී පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම  ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය.

ඒ අනුව, පිටියට පිවිසි දකුනු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පනදුවට පහර දුන් අතර එහිදී ඇන්ඩෘෘ පටික් ලකුණු 39ක් ද නායක ජොන්ටි රෝඩ්ස් ලකුණු 2 ක් ද රැස් කළේය.

පිතිකරුවන් 9 දෙනෙක්ම ලකුණු 10 සීමාව පසු කිරීමට පෙර දවා ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට හැකි විය.

නුවන් කුලසේකර, රංගන හේරත් සහ සනත් ජයසූරිය කඩුලු 2 බැගින් දවා ගන්නා ලදි.

දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 5 ක් අවසානයේදී සියලු දෙනා දැවී ලකුණු 89 ක් රැස් කර ගත්‌තේය.

ලකුණු 90 ඉලක්කයක් සමග පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ පළමු කඩුල්ලට නායක ටී.එම් ඩිල්ෂාන් සහ සනත් ජයසූරිය ලකුණු 23ක සබඳතාවක් ගොඩනගා ගන්නා ලදි.

ඩිල්ෂාන් හා උපුල් තරංග දෙවැනි කඩුල්ලට ලකුණු 69ක සබඳතාවක් ගොඩනගා ගත් අතර තරංග නොදැවී ලකුණු 27 ක් රැස් කළේය.

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් නායක ටී.එම්. ඩිල්ෂාන් පන්දු 40කින් නොදැවී ලකුණු 50ක් රැස් කළේය.

ඒ අනුව පන්දුවාර 13යි පන්දු 2ක් අවසානයේදී එක් කඩුල්ලක් පමණක් දැවී තිබියදී මෙම තරගයේ ජය ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම තමන් සතු කර ගත්තේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?