දේශීය

පුපුරණ ද්‍රව්‍ය සමග සැකකරුවෙක් අත්අඩංගුවට

පුරවසන්කුලම විශේෂ කාර්ය බලකා නිලධාරීන් හා සෙට්ටිකුලම පොලීස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකින් පුපුරණ ද්‍රව්‍ය සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ ඊයේ (10) සවස 3.00ට පමණ එම වැටලීම සිදුකර ඇති අතර සෙට්ටිකුලම පොලිස් වසමේ රංකෙත්ගම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය කළුගල් වැඩපලක බලපත්‍ර කල් ඉකුත්ව තිබිය දී එලෙස අත්අඩංගුවට ගත් බවයි.

එලෙස අත්අඩංගුවට පත් ද්‍රව්‍ය අතර ගල් වෙඩි බෙහෙත් කිලෝ 3 ක්, ආරක්ෂිත සේවා නූල් මීටර 291 යි සෙන්ටිමීටර 93 ක්, වෝටර් ජෙල් 48 ක්, සාමාන්‍ය ඩෙටනේටර් 11 ක් හා ඇමෝනියම් නයිට්‍රේට් කිලෝ 149 ක් ද වේ.

අත්අඩංගුවට ගත් සැකකරු 64 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

සැකකරු අද (11) වව්නියාව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *