දේශීය

මේ වසරේ ජනවාරි මාසය තුළ සීනි ආනයන වියදම සීඝ්‍රයෙන් ඉහළට

සීනි සහ රසකැවිලි ආනයනයේ සීඝ්‍ර වර්ධනයක් මේ වසරේ ජනවාරි මාසය තුළ සිදුව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කර ඇත.

ඒ අනුව ජනවාරි මාසය තුළ සීනි සහ රසකැවිලි ආනයනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 57.5ක් වැය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් විදේශිය අංශයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන්ව තිබේ.

පසුගිය 2020 වසරට සාපේක්ෂව 2021 වසරේ ජනවාරි මාසය තුළ ආහාර සහ පානවර්ග ආනයනය සඳහා ගිය වියදම ද සියයට 24.6 ක් දක්වා වර්ධනය වී ඇති බව ද වාර්තා වී ඇත.

එසේම මහ බැංකුව වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ පොල්තෙල්, මිරිස් සහ පරිප්පු යන භාණ්ඩ ආනයනය ඉහළ ගොස් ඇති බවයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?