ක්‍රීඩා

එක්දින තරගාවලියේ තවත් ජයක් කොදෙව්වන්ට

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය 2-0ක ලෙස ජය ගැනීමට ඊයේ (12) බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය.

කඩුලු 5කින් දෙවන එක්දින තරගයත් ජය ගැනීමට කොදෙව් කණ්ඩායමට හැකි විය.

තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දු යැවීම තීරණය කරමින් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 273 ක් රැස් කළේය.

ධනුෂ්ක ගුණතිලක සාර්ථක පිතිකරණයක නිරතවෙමින් පන්දු 96කදී හතරේ පහර 10ක් සහ හයේ පහර 3ක් සමග ලකුණු 96ක් ලබා ගැනීමට සමත් විය.

දිනේෂ් චන්දිමාල් ලකුණු 71ක් ද වනිදු හසරංග හයේ පහර 4ක් සහ හතරේ පහර 2ක් සමග ලකුණු 47ක් ලබා ගත්තේය.

නායක දිමුත් කරුණාරත්න අවාසනාවන්ත ලෙස එක ලකුණකට දැවී ගියේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායමේ එවින් ලුවිස් ලකුණු 103ක් ද ෂායි හෝප් ලකුණු 84 ක් ලබා ගැනීමට සමත් විය.

කොදෙව් කණ්ඩායමට ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවාරයේදී ලකුණු 9ක් ලබා ගැනීමට අවශ්‍ය වූ අතර එම පන්දුවාරය නුවන් ප්‍රදීප් ක්‍රියාත්මක කළේය.

එහිදී කොදෙව් පිතිකරුවන්හට 4වෙනි පන්දුවේදී තම ජයග්‍රාහී සීමාව පසු කිරීමට හැකි විය.

ඒ අනුව, කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 274ක් ලබා ගනිමින් තම ජයග්‍රහනය සටහන් කළේය.

කෙසේ වෙතත් දෙරට අතර තුන්වන සහ අවසන් එක්දින තරගය හෙට (14) දිනයේ පැවැත්වීමට නියමිත වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?