ක්‍රීඩා

එක්දින ක්‍රිකට් තරගාවලියේ සියලු ජය කොදෙව්වන්ට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඊයේ (14) පැවති එක්දින තරගාවලියේ අවසන් තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට කොදෙව් කණ්ඩායම සමත් විය. 

එහිදී කොදෙව් කණ්ඩායම පන්දු යැවීමට තිරණය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ලබා දෙන ලදි.

ශ්‍රී ලංකා කණ්ඩායම තමන්ට නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 06 දැවී ගොස් ලකුණු 274ක් රැස් කිරීමට හැකි විය.

සුපිරි පිතිහරඹයක නිරත වූ වනිඳු හසරංග නොදැවී ලකුණු 80 රැස් කළ අතර අශේන් බණ්ඩාර නොදැවී ලකුණු 55ක් ද ධනුෂ්ක ගුණතිලක ලකුණු 36 ක් ද රැස් කරන ලදි.

ලකුණු 275ක ජයග්‍රාහී ඉලක්කයක් සමග ක්‍රීඩා කිරීමට පිටියට පැමිණි කොදෙව් කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 03ක් අවසානයේ කඩුලු 05ක් දැවි ලකුණු 276ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කෙළේය.

එහිදී ඩැරන් බ්‍රාවෝ ලකුණු 102ක් ලබාගත්තේය.

දෙරට අතර පැවැති එක්දින තරග 3කින් සමන්ත ක්‍රිකට් තරගාවලියේ තරග 3-0ක් ලෙස ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හැකි විය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?