දේශීය

දුම්රිය වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

දුම්රිය එන්ජින් රියැදුරන් සහ නියාමකවරුන් ආරම්භ කළ වැඩ වර්ජනය අද (17) දහවල් තාවකාලිකව අත්හිටුවා ඇත.

ආසාධාරණ විනය ක්‍රියාමාර්ගවලට විරෝධය පළ කරමින් මෙම වැඩවර්ජනය ආරම්භ කළ බවයි දුම්රිය එන්ජින් රියැදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේ.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ගැටලුව සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම වැඩවර්ජනය තාවකාලිකව අත්හිටවූ බවයි.

වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය ප්‍රමාද වීමක් පැවති බව දුම්රිය පාලක මැදිරිය පැවසුවේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *