දේශීය

ශානි ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් තිදෙනා එළඹෙන  31 වෙනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය අද (17) නියෝග කර ඇත.

ඒ අසත්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමග හැරීම ඇතුළු චෝදනා හේතුවෙනි.

ඇඹිලිපිටිය පොලීසියට අනුයුක්තව සේවය කළ හිටපු උපපොලිස් පරීක්ෂක මෝහන මෙන්ඩිස් සහ විශාමික උපපොලිස් පරීක්ෂක නවරත්න ප්‍රේමතිලක යන සැකකරුවන් ශානි අබේසේකර සමත එලෙස රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සැකකරුවන් තිදෙනා බන්ධනාගාරය මගින් අධිකරණය හමුවට ඉදිරිපත් කර නොතිබු හෙයින් ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා එම නියෝගය කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *