මත්ද්‍රව්‍ය ආරවුලකින් තරුණයෙක් මරුට
කොළඹ ග්‍රෑන්ඩ්පාස් සේදවත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී 19 හැවිරිදි තරුණයෙකු ඝාතනය කර තිබේ.
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් හේතුවෙන් එම ඝාතනය සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.
සැකකරු ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු 41 වැනි වියේ පසුවිය.
ආරවුල හේතුවෙන් සැකකරු ද සුළු තුවාල ලබා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
