දිස්ත්‍රික්ක කිහිපයකට අදත් වැසි
අද (20) දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැකිය.
මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවේ.
උදෑසන කාලයේදී මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තද සුළං මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
