දේශීය

ගිනි අවියක් හා ගෝන මස් සමග 4 දෙනෙකු අත්අඩංගුවට

පුස්සැල්ලාව නගරයේදී සැකකටයුතු ලෙස අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී එහි තිබී විදේශ රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක්, පතරොම් 1 ක් සමග සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෝටර් රථයේ තිබී ගෝන මස් කිලෝග්‍රෑම් 60 ක් ද සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේ.

සැකකරුවන් රාගල, නුවරඑළිය හා රම්බොඩ ප්‍රදේශවල පදිචිකරුවන් වේ.

ඔවුන් අද (21) ගම්පොල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?