රවී ඇතුළු 8දෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු 8 දෙනෙකු කොළඹ මහාධිකරණයට අද (23) ඉදිරිපත් කෙරුණි.
එහිදී ඔවුන්ව නැවතත් හෙට (24) වන තුරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.
2016 වසරේ මාර්තු මස 29 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ බැදුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 36.89 ක් බැදුම්කර සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි ඔවුන්ට චෝදනා එල්ල වී ඇත.
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 11 දෙනෙකුට එරෙහිව චෝදනා 32 ක් යටතේ නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ නඩුවට අදාළව රවී කරුණානායක මහතා ඇතුළු සැකකරුවන් ඉකුත් 17 වනදා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
