ස්පුට්නික් V කොවිඩ් එන්නත් මිල දී ගැනීමට කැබිනට් අනුමැතිය
ස්පුට්නික් V රුසියාවේ නිෂ්පාදිත කොවිඩ් එන්නත් මිලියන හතක් මිල දී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.
මෙම කොවිඩ් එන්නත් සඳහා වැය වන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 69.65ක් බව ඊට අදාළ කැබිනට් පත්‍රිකාවේ සඳහන් වේ.
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් මිලියන 14 කට කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා මෙලෙස මිලදී ගන්නා එන්නත් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
ඒ අනුව රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V එන්නත ශ්‍රී ලංකාව තුළ හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමැතිය ලබා දී ඇත.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
