මැදින් පුර පසළොස්වක පොහොය අදයි
මැදින් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබේ.
සුද්දෝධන මහ රජතුමාගේ ආරාධනයකට අනුව විසි දහසක් මහ සඟරුවන සමග බුදු රජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයේ සිට කිඹුල්වත් පුරයට ප්‍රථම වරට වැඩම කිරීම සඳහා ගමනාරම්භය සිදු වූයේ අද වැනි පොහෝ දිනක ය.
යශෝදරා දේවියට සඳකිඳුරු ජාතකය දේශනා කිරීමත් රාහුල සහ නන්ද කුමාරවරුන් සසුන්ගත වීමත් සිදු වූයේ අද වැනි මැදින් පුර පසළොස්වක පොහෝ දිනකදී බව ශාසන ඉතිහාසයේ සඳහන් ය.
ශාක්‍යන්ගේ මානය බිඳීම සඳහා භාග්‍යවතුන් වහන්සේ යමහ මහා පෙළහර පෑම ද සිදු වූයේ අද වැනි පොහෝ දිනකදී ය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
