සූදු පොළක් වටලා චීන ජාතිකයින් 5 ක් අත්අඩංගුවට
බම්බලපිටිය ලෝරිස් පාර ප්‍රදේශයේදී නීති විරෝධී සූදු පොළක් වටලා චීන ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
චීන ජාතික කාන්තාවක ඇතුළු චීන ජාතිකයින් 05 දෙනෙකු මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.
සැකකරුවන් සන්තකයේ තිබී චින යුවාන් 2600 ක මුදලක් සහ රුපියල් දස ලක්ෂ 88 500 ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
බම්බලපිටිය සහ කොල්ලුපිටිය පොලිස් ස්ථානවල නිලධාරීන් ඒකාබද්ධව මෙම වැටලීම සිදු කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
