ශ්‍රී ලාංකික තරුණියක් බොට්ස්වානා යෞවන රූපසුන්දරිය ලෙස කිරුළු පළඳී
මිස් ටීන් බොට්ස්වානා ඉන්ටනැෂනල් 2021 කිරුළ දිනා ගැනීමට ශ්‍රී ලාංකික තරුණියක් වන ගිම්හානි පෙරේරා සමත් වී තිබේ.
එම තරගය ඊයේ (19) පැවැත්වුණු අතර ඇය බොස්ට්වානා රාජ්‍යයේ පිළික්වේ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරගය සඳහා සහභාගී වී ඇත.
ඒ අනුව බොස්ට්වානා නියෝජනය කරමින් ඉන්දියාවේ පැවැත්වෙන ජාත්‍යන්තර යෞවන රූපසුන්දරිය තේරීමේ තරගයට ද ඇයට සහභාගී වීමට අවස්ථාව හිමිව තිබීම විශේෂත්වයකි.
එම තරගාවලිය ජයග්‍රහණය කිරීම තමා ඒකායන අරමුණ බව 17 හැවිරිදි ගිම්හානි සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් සඳහන් කර ඇත.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

