දේශීය

අනුමත ණය සීමාව රු. බිලියන 400කින් ඉහළට

2021 වර්ෂය සඳහා විසර්ජන පනත මඟින් අනුමත ණය සීමාව ඉහළ දැමීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව අනුමත රුපියල් බිලියන 2,997ක ණය ගැනීමේ සීමාව තවත් රුපියල් බිලියන 400කින් වැඩි කරමින් රුපියල් බිලියන 3,397ක් දක්වා සංශෝධනය කර ඇත.

එහෙත් කොවිඩ් වසංගතය හේතුවෙන් පැන නැගී ඇති තත්ත්වය මත රජයේ ආදායම අඩුවීමත්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වියදම්, ආදායම් අහිමි වූවන්ගේ සමාජ ආරක්ෂණය සුරක්ෂණය කිරීම හා අදායමෙන් වැටුප් ගෙවන ලද ආයතනවල ආදායම අහිමිවීම හේතුවෙන් වැටුප් හා අනෙකුත් වියදම් සඳහා අතිරේක ප්‍රතිපාදන ලබාදීමට සිදුවීම ඇතුළුව වෙනත් ක්ෂේත්‍ර කිහිපයකම වියදම් වැඩි වීම හේතුවෙන් 2021 වර්ෂය සඳහා වන අනුමත ණය සීමාව ඉහළ දැමීමට සිදුව ඇති බව කැබිනට් යෝජනාවේ සඳහන් වේ.

ඒ අනුව අනුමත රුපියල් බිලියන 2,997ක ණය ගැනීමේ සීමාව තවත් රුපියල් බිලියන 400 කින් වැඩි කිරීමටත් ඒ සඳහා එකී විසර්ජන පනත සංශෝධනයට අවශ්‍ය පියවර ගැනීමටත් මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *