ක්‍රීඩා

දෙවන වරටත් LPL සඳහා දින නියම වේ – විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචිය හෙට සිට

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය දෙවන වරටත් මේ වසරේ දෙසැම්බර් මාසයේදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් දන්වා තිබේ.

ඒ අනුව දෙසැම්බර් 4 වනදා සිට 23 වනදා දක්වා පැවැත්වීමට දින නියම වී ඇත.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා කණ්ඩායම් 5ක් ක්‍රීඩා කරන අතර එක් කණ්ඩායමක් සඳහා දේශීය ක්‍රීඩකයින් 14 දෙනෙක් ද විදේශීය ක්‍රීඩකයින් 6 දෙනෙක් ද ඇතුළත් වේ.

මෙවර LPL තරගාවලියට සහභාගීවන විදේශීය ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම හෙට (24) සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *