විදේශීය

වායූ දූෂණයෙන් වාර්ෂිකව ලක්ෂ 07ක් ජීවිතක්ෂයට

වායු දූෂණය හේතුවෙන් වාර්ෂිකව පුද්ගලයින් ලක්ෂ 07ක් පමණ ජීවිතක්ෂයට පත්වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

එමෙන්ම වායු දූෂණයේ අනතුරුදායක බව තවත් ඉහළ මට්ටමක පවතින බව එම සංවිධානය සඳහන් කරයි.

එය දුම්පානය සහ සෞඛ්‍ය ආරක්ෂිත නොවන ආහාර පුරුදු මගින් සිදුවන මරණ ප්‍රතිශතය හා සමාන වේ .

වායු දූෂණය අවම කිරීම සඳහා ලොව සියලු රටවල් කැපවීමෙන් කටයුතු කළයුතු බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් අවධාරණය කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *