වික්ටෝරියා ජලාශය අවට හුණුගල් කැණීම් නවතා දමයි
වික්ටෝරියා ජලාශයේ පිටාර මට්ටමේ සිට මීටර් 100ක ප්‍රදේශය තුළ පවත්වා ගෙන ගිය සියලු හුණුගල් කැණීම් ස්ථාන ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කැ තිබේ.
අදාළ ප්‍රදේශය තුළ මහ පරිමාණයෙන් පවත්වාගෙන ගිය හුණුගල් කැණීම් ස්ථාන 03ක හා සුළු වශයෙන් කැණීම් කළ ස්ථානවල කැණීම් බලපත්‍ර තහනම් කළ බව එහි සභාපති අනුර වල්පොල සඳහන් කළේය.
පසුගිය කාලයේ වික්ටෝරියා ජලාශය අවට ප්‍රදේශවල සිදු වූ සුළු භූ චලනයන්ට හේතුව ඒ අවට ප්‍රදේශයේ පවත්වාගෙන යන හුණුගල් කැණීම් ස්ථාන බවට තහවුරු වීම හේතුවෙන් මෙම පියවර ගත් බව සභාපතිවරයා කියා සිටියේ.
පසුගිය කාලයේ ඒ අවටින් වාර්තා වූ භූ චලනයන්ට හේතු සොයා බැලීම සඳහා පරිසර අමාත්‍යාංශය මගින් ආචාර්ය, මහාචාර්යවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කළ අතර, එම කමිටුවේ නිර්දේශ මත මෙම පියවර ගත් බව සභාපතිවරයා වැඩිදුරටත් දනවා තිබුණි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

