විදේශීය

ඇන්ජලා මර්කෙල් ජර්මන් දේශපාලනයෙන් සමුගනී

ජර්මානු ෆෙඩරල් පාර්ලිමේන්තුව සඳහා නියෝජිතයන් පත්කර ගැනීමේ මැතිවරණය ඊයේ (26) ආරම්භ වුණි

මැතිවරණයේ ප‍්‍රතිඵල අනුව ජර්මනියේ නව චාන්සලර්වරයා තෝරා පත්කර ගැනීමට නියමිතව ඇත.

2005 වර්ෂයේ දී ජර්මානු චාන්සලර් ධුරයට පත් වූ ඇන්ජලා මර්කෙල් මේ දක්වා වසර 16ක් අඛණ්ඩව එරට පාලනය කළ අතර ජර්මනියේ අනාගතය තීරණය කිරීම සහ ලොව දේශපාලන බලවතෙක් ලෙස එරට ට හිමි ස්ථානය තහවුරු කිරීමට මර්කල් සුවිශේෂී කාර්යයක් ඉටු කර තිබුණි.

ඒ හේතුව නිසාවෙන් ජර්මනියේ ඇතැම් මාධ්‍ය ඇයව යකඩ ගැහැණිය ලෙස ද හැඳින් විය.

ඇය මෙවර සිය සහයෝගය ක‍්‍රිස්තියානි ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංගමයේ ( CDU) අපේක්ෂකයාට ලබාදෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

කෙසේවෙතත් පාර්ලිමේන්තුවේ බහුතර මතය අනුව නව චාන්සලර්වරයා තෝරා පත්කර ගන්නා දිනය තුරු මර්කෙල් සිය ධුරයේ කටයුතු කිරීමට නියමිත බව ද වාර්තා වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?