ඉක්වදෝරයේ බන්ධනාගාර ගැටුමෙන් 100කට අධික පිරිසක් මරුට
ඉක්වදෝරයේ බන්ධනාගාරයක හටගත් ගැටුමකින් මියගිය රැඳවියන් සංඛ්‍යාව 100 ඉක්මවා ගොස් තිබේ.
ඉක්වදෝරයේ ගුආයාකුයිල් නගරයේ පිහිටි බන්ධනාගාරයක ඊයේ (29) මෙම ගැටුම හටගෙන ඇති අතර ගැටුමින් තවත් 50කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අපරාධ කණ්ඩායම් දෙකකට අයත් රැඳවියන් අතර මෙම ගැටුම හටගෙන තිබේ.
ගැටුම පාලනය කිරීම සඳහා එරට පොලීසිය සහ හමුදාව මැදිහත් වී ඇති අතර ඊට පැය 05ක පමණ කාලයක් ගතවී තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

