දේශීය

හය මාසික නව ආර්ථික සැලැස්මක් හෙට

මෙරට ඉදිරි ආර්ථික සැලැස්ම හෙට (01) දිනයේ ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කර තිබේ.

රටේ සියලු  ප්‍රධාන අංශ ආවරණය කරමින් ඉදිරි මාස හය ඉලක්ක කරගනිමින් නව ආර්ථික සැලැස්ම සම්පාදනය කර ඇති බව මහා බැංකු අධිපතිවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත.

එසේම දැනට අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය සහ උපකරණ සඳහා පනවා ඇති ආනයන සීමා හැකිතාක් දුරට අවම වන පරිදි සහන ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහ බැංකු අධිපතිවරයාට උපදෙස් ලබාදී තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *