චෙන්නායි සුපර් කිංග්ස් පැරද වූ දිල්ලි කැපිටල්ස් IPL ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණට
IPL ක්‍රිකට් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමග ඊයේ (04) පැවති තරගයෙන් කඩුලු 3ක ජයක් හිමිකර ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත්වී විය.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම තමන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 136ක් රැසි කරන ලදි.
ජයග්‍රහනය සඳහා ලකුණු 137ක ඉලක්කයක් සමග පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි දිල්ලි කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 04ක දී කඩුලු 7ක් දැවී තම ජයග්‍රණය වාර්තා කිරීමට සමත් විය.
ඒ අනුව ප්‍රසාද ලකුණු පුවරුවේ දෙවන ස්ථානයේ රැඳී සිටි දිල්ලි කණ්ඩායමට එහි පෙරමුණ ගැනීමට හැකි විය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

