විදෙස් ගමන් බලපත්‍ර ගැනීමට සිටින අයදුම්කරුවන්ට දැනුම්දිමක්
විදෙස් ගමන් බලපත් අයදුම්කරුවන්ට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය ඔස්සේ දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගැනීමේ පහසුකම සලසා තිබේ.
සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය සහ ප්‍රාදේශීය කාර්යාලවල සීමිත සේවාලාභීන් සංඛ්‍යාවක් සඳහා සේවා සැපයීම සිදු කරන බව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
ඒ අනුව අත්‍යාවශ්‍ය සේවා අවශ්‍යතා සහිත සේවාලාභීන් https://eservices.immigration.gov.lk/td යන වෙබ් අඩවිය වෙත පිවිස දිනයක් වෙන් කර ගත යුතු වේ.
දින වෙන්කර ගැනීමකින් තොරව සේවා ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින්ට කාර්යාල පරිශ්‍රයට ඇතුළු වීමට අවසර නොමැති බව ද ආගමන විගමන දෙපාර්තමේන්තුව අදාළ නිවේදනය මගින් අවධාරණය කර ඇත.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

