විදේශීය

අභ්‍යවකාශයේ රූගත කෙරෙන චිත්‍රපටයක් සඳහා රුසියාවේ පිරිසක් අභ්‍යවකාශයට

අභ්‍යවකාශයේ පළමු වරට සිදුකෙරෙන චිත්‍රපට රූගත කිරීමක් සඳහා රුසියානු චිත්‍රපට කණ්ඩායමක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ අනුව එම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන “ක්ලිම් ෂිපෙන්කෝ” සහ රංගන ශිල්පිනියක් වන “යූලියා පෙරෙසීල්ඩ්” ඊයේ (05) දිනයේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත පිටව ගොස් තිබේ.

ඔවුන් ගමන් ගත් අභ්‍යවකාශ යානය ගුවන්ගත වී පැය 03කට පසු ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමඟ පණිවුඩ හුවමාරු කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *