ක්‍රීඩා

කෝලිගේ සිහිනය බිඳ වැටෙයි – කොල්කටා නයිට්‍ රයිඩර්ස් ඉදිරියට

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම හා කොල්කටා නයිට්‍ රයිඩර්ස් කණ්ඩායම අතර ඊයේ (11) පැවති තරගයෙන් ජය ගැනීමට කොල්කටා නයිට්‍ රයිඩර්ස් කණ්ඩායම සමත්ව තිබේ.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බැංගලෝර් කණ්ඩායම තමන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 138ක් රැස් කළේය.

ජයග්‍රහනය සඳහා ලකුණු 139ක ඉලක්කයක් සමග පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි කොල්කටා කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 04ක් තුළ කඩුලු 06ක් දැවි ජයග්‍රහණය වාර්තා කළේය.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම IPL තරගාවලියේ අවසන් වටයට තරග කිරීමට තිබූ සිහිනය ඊයේ පැවති තරගය පරාජය වීමත් සමග බිඳී ගිය අතර විරාත් කෝලිගේ නායකත්වය යටතේ තරග කළ අවසන් තරගය මෙය වේ.

ඒ අනුව IPL තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලැබීමට කොල්කටා නයිට්‍ රයිඩර්ස් කණ්ඩායම සමත් විය.

දිල්ලි කැපිටල්ස් කණ්ඩායම හා කොල්කටා නයිට්‍ රයිඩර්ස් කණ්ඩායම හෙට (13) දිනයේ දෙවන අවසන් පූර්ව තරගය සඳහා තරග වැදීමට නියමිත වේ.

මේ වන විටත් IPL තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමග හෙට දිනයේ පැවැත් වීමට නියමිත තරගයෙන් ජය ගන්නා කණ්ඩායම මෙවර IPL කුසලානය වෙනුවෙන් තරග වැදීමට සුදුසුකම් ලබයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?