දේශීය

දියේ ගිලී දරුවන් දෙදෙනෙක් මරුට

දඹගල්ල පොලිස් වසමේ උඩුමුල්ල ප්‍රදේශයේ කහටගහපිටිය වැවේ දිය නෑමට ගිය පිරිමි ළමුන් දෙදෙනෙක් දියේ ගිලී මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ දරුවන් දෙදෙනා මඩුල්ල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි.

එලෙස මියගොස් ඇත්තේ 14 හැවිරිදි කොල්ලාදෙණිය, දඹගල්ල ප්‍රදේශයේ පදිංචි දරුවන් දෙදෙනෙකි.

මෘත ශරීරය මඩුල්ල ප්‍රාදේශීය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර දඹගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *