විදේශීය

බ්‍රිතාන්‍ය මන්ත්‍රී ඝාතනය ත්‍රස්ත ක්‍රියාවක්

බ්‍රිතාන්‍ය කන්සේවේටිව් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ශ්‍රීමත් ඩේවිඩ් ඇමේස් පිහි පහරකට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඔහු එම සිද්ධියට මුහුණ දී ඇත්තේ සිය ඡන්ද කොට්ඨාසයේ මහජන හමුවකට සහභාගීවෙමින් සිටිය දී බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඝාතනය සම්බන්ධයෙන් 25 හැවිරිදි සෝමාලි සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ජාතික පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුව සිදුකළ පරීක්ෂණ වලදී පොලීසිය පැවසුවේ මන්ත්‍රීවරයාව ඝාතනය කිරීම ත්‍රස්ත ක්‍රියාවක් බවයි.

69 හැවිරිදි ශ්‍රීමත් ඩේවිඩ් ඇමේස් 1983 වසරේ සිට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර ඇත.

කන්සේවේටිව් ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටින ඔහු ගබ්සාවට එරෙහි මෙන්ම සත්ත්ව සුබසාධනය වෙනුවෙන් කටයුතු කළ දේශපාලනඥයෙකු ලෙස සැලකෙන බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?